ජනපති සටනට එන පොහොට්ටුවේ අපේක්ෂකයා අලුත් අවුරුද්දෙන් පසු කරළියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සිය ජනාධිපති අපේක්ෂකයා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසා ඇත.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන්ට විසඳා ගැනීමට ගැටළු රැසක් ඇති බවත්, හදිසි මැතිවරණයක් අවශ්‍ය නොමැති බවත්ය.
එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මහාචාර්ය බණ්ඩාර කියා සිටියේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තෝරා ගැනීමේ වරදක් නොමැති බවයි.
263 Views
Comments