ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

අද (25) දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර දෙසින් ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙන බව විදෙස් පුවත් වාර්තා කරයි.
එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.3 ක අගයක් ගෙන ඇති බව සඳහන් වන අතර ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 3.00 ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති තිබෙන බවත්, කිලෝමීටර 84 ක් ගැඹුරේ මෙම භූමිකම්පාව හටගෙන ඇති බවත් සඳහන් වේ.
කෙසේ වෙතත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටින්නේ, මෙම භූ කම්පනය හේටුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නැති අතර, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවටයි.
269 Views
Comments