යාපනයේදී ස්කූටර් අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

යාපනයේදී ස්කූටර් අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

යාපනයේදී ස්කූටර් අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

යාපනය අල්ලෙපිට්ටි ප්‍රදේශයේදී ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක් හා 27 වන කාන්තාවන් දෙදෙනෙකි.

 

මෝටර් රථයේ ගමන්කළ සිව්දෙනෙකු අනතුරින්  තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

මෝටර් රථයේ සහ යතුරුපැදියේ අධික වේගය මෙම අනතුරට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. අනතුර සම්බන්ධයෙන් යාපනය කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

views

304 Views

Comments

arrow-up