MAY
01
කොළඹ වරායේ වෙඩි තැබීමක් - හතරක් රෝහලේ

කොළඹ වරාය හරහා දිවෙන අධිවේගී මාර්ගයේ වටිනා බඩුබාහිරාදිය ගබඩා කර තිබෙන භූමියට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් එහි වටිනා බඩු සොරාගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ වරාය ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බව වාර්තා වේ.
එහිදී වෙඩි වැදුණු පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වෙරළබඩ පොලිසිය පවසා සිටී.
එම වෙඩිතැබීමේදී කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
273 Views
Comments