2023 මැයි 09 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

2023 මැයි 09 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 මැයි 09 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලත් විටින් විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තද සුළං ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද දින (09) පීඩන අවපාතයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතී.

 

උතුරු අක්ෂාංශ 02 - 15 ත් සහ නැගෙනහිර දේශාංශ 85 - 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං බටහිර හෝ නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ. කි. මී. 25-35 පමණ වේ.

 

කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 45-55 දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු වේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                         
නගරය උෂ්ණත්වය (සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 30 24 95 75 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
මඩකලපුව 30 26 95 75 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 30 25 90 75 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 30 27 90 75 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 30 24 95 85 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මහනුවර 29 22 95 70 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 19 15 95 75 විටින් විට වැසි
රත්නපුරය 31 25 95 75 විටින් විට වැසි
ත්‍රිකුණාමලය 30 24 95 75 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 31 25 95 70 වැසි වාර කිහිපයක්
views

313 Views

Comments

arrow-up