මිය ගිය දැරිය පිළිබඳ අලුත්ම හෙළිදරව්වක්

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියගේ සිද්ධියට අදාළ නඩුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවන ලදී.
මියගිය දැරිය ප්‍රධාන සැකකරුට අලෙවි කළේදැයි තහවුරු කරගැනීමට පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය අද (15) අවසර ලබා දී තිබේ.
මේ වන විට සිදුකළ තිබෙන විමර්ශනවලදී සැක මතු වී ඇත්තේ මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා යැයි කියන තැනැත්තා, ප්‍රධාන සැකකරුට රුපියල් 20,000ක මුදලක් දුන් බවත් දැරිය මුදලට අලෙවි කර ඇති බවත්ය.
ප්‍රධාන සැකකරු රුපියල් 12,000ක මුදලක් අත්තිකාරමක් ලෙස එම පුද්ගලයාගේ ගිණුමට බැර කර ඇති බවටද තොරතුරු සඳහන් වෙයි.
දැරිය අලෙවි කරන බවක් මියගිය දැරිය දැන සිටියේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු හෙළි වී නොමැති බව සඳහන් වේ.
දැරිය ඉහළ මහලෙන් ඇදවැටීමට පෙර ඇයට දුරකථන ඇමතුමක් ආ බවට ප්‍රධාන සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන පොලිසීය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
කළුතර මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය ඉදිරියේ ආරම්භ කෙරුණ නඩු වාරය අතරතුරදී පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥයින් අතර උණුසුම් වාද විවාද සිදුවූ බව වාර්තා වෙයි.
රිමාන්ඩ් භාරයේ සිටි එක් සැකකාරියක් ඇප මත මුදාහැරීමට නියෝග කරන ලද අතර රුපියල් ලක්ෂ 02ක් වූ ශරීර ඇපයක් මත එලෙස මුදාහැරුණේ සිද්ධිය වූ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ බව තොරතුරු වාර්තා වේ.
මියගිය දැරියගේ මිතුරිය, ඇගේ පෙම්වතා සහ රියදුරා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.
345 Views
Comments