MAY
15
මෙරටට එවීමට සූදානම් කර තිබූ කේරළ ගංජා තොගයක් ඉන්දියාවෙදී අත්අඩංගුවට

කන්ටේනරයක් තුළ සූක්‍ෂම ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 20,000 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් හය දෙනෙකු තූත්තුකුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කන්ටේනර් රථයේ අග කොටසේ සීනි ගෝනි කිහිපයක් අසුරා ඒ තුළ සීනි ඇති බව ඇගවෙන ආකාරයෙන් සූක්‍ෂම ලෙස එම ගංජා තොගය සගවා තිබු අතර පසුව එම ගංජා තොගය බෝට්ටු මගින් මන්නාරම ප්‍රදේශයට එවීමට සැලසුම් කර තිබූ බවද අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද සිටින බව හදුනාගෙන ඇත.
188 Views
Comments