MAY
22
පාස්පෝට් කාර්යාල 50ක් රටපුරා

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
අද (22) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
E-Passport මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.
ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ද දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
246 Views
Comments