අනුරාධපුර සුරාසැල් දින 7ක් වැසේ

රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් දින 7ක් සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව මැයි 31 වැනිදා සිට ජුනි මස 6 වැනිදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලූම සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.
එම දිනයන්හි දී සුරාසැල් වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
231 Views
Comments