පිටකොටුවේ හෝටල් 5ක් වසා දමයි

පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 5 වසා දැමීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇත පසුව සිදුකල කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දැඩිලෙස අපිරිසිදු හෝටල් 5ක් වසා දමන ලෙසට අධිකරණය නියෝග කර ඇත.
කොළඹ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. ඒ. අබේරත්න සහ කොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඩී. ටී. වික්‍රමරත්න ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
212 Views
Comments