MAY
29
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බවයි.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධව ශ්‍රී ලංකාවට සපයන ලද බව සඳහන් වේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත්වන බව ආසියානු සංවර්ධන බැංකු සභාපති Masatsugu Asakawa පවසයි.
312 Views
Comments