නිර්වින්දන ඖෂධයකින් තවත් ජීවිතයක් අහිමිවෙයි

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී නිර්වින්දන ඖෂධයක් ලබාදී කාන්තාවක් මියයාමේ සිද්ධියත් සමඟ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිර්දේශ කර ඇති ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළේ රෝහලේ ශල්‍යකර්මයේදී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් විදුහල්පතිනියක් පසුගියදා (16) මිය ගිය බවයි. ඔහු සඳහන් කළේ මෙවැනි තත්ත්වයක් තුළ මියගිය දෙවන රෝගියා ඇය බවයි.
ඖෂධ සංකූලතාවයක් මරණයට හේතු වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇති බැවින් එහි වගකීම පැවරෙන්නේ නිර්වින්දන ඖෂධය ආනයනය කිරීමට අනුමැතිය දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට බව කුමුදේශ් වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර කියා සිටියේ අදාළ නිර්වින්දන ඖෂධය පසුගිය සමයේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කළ බවයි.
283 Views
Comments