ඖෂධ කාණ්ඩ 60ක මිල අඩු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

ඖෂධ කාණ්ඩ 60ක මිල අඩු කෙරේ

ඖෂධ කාණ්ඩ 60ක මිල අඩු කෙරේ

ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය අද (26) සිට ක්‍රියාත්මකයි. 

 

අද සිට යම් ඖෂධ නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු හෝ බලයලත් ඕනෑම පාර්ශවකරුවෙකු ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අලෙවිකිරීම සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

ඒ අනුව පැරසිටමෝල්, ඇමොක්සලීන්, තයිරොක්සින් සහ ග්ලිපිසයිඩ් ඇතුළු කාණ්ඩ 60ක අත්‍යවශ්‍ය ඖෂධ මිල මෙමඟින් සංශෝධනය කර තිබේ.

 

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, පසුගිය සමයේ සිදුවූ ඖෂධ මිල ඉහළ යාමට සාපේක්ෂව ජනතාවට සහනයක් ලබා දීමට නම් අදාළ ඖෂධ වල මිල ගණන් තවදුරටත් අඩුවිය යුතු බවය.

views

261 Views

Comments

arrow-up