අලුතින් ගමන් අරඹන විදුලි බස් රථ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

අලුතින් ගමන් අරඹන විදුලි බස් රථ

අලුතින් ගමන් අරඹන විදුලි බස් රථ

කොළඹට විදුලි බස් රථ හඳුන්වාදීමේ යෝජනාවකට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙමගින් අහිතකර දුම් පිටවීමෙන් සිදුවන පාරිසරික බලපෑම සහ ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආශ්‍රිත අධික මෙහෙයුම් පිරිවැය අවම කර ගත හැක.

 

 

බස් රථ, ත්‍රිරෝද රථ, වෑන් රථ සහ දුම්රිය ඇතුළු සියලුම පොදු ප්‍රවාහන මාධ්‍ය විදුලි වාහන බවට පරිවර්තනය කිරීම රජයේ සැලැස්මට ඇතුළත් බව අමාත්‍ය ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික අංශය විසින් විදුලි ත්‍රිරෝද රථ ළඟදීම හඳුන්වා දෙන බවයි.

views

263 Views

Comments

arrow-up