විදුලි ගාස්තු වෙනස් වෙන හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

විදුලි ගාස්තු වෙනස් වෙන හැටි

විදුලි ගාස්තු වෙනස් වෙන හැටි

ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියනිමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීම මේ මස 20 වැනිදාගෙන් අවසන් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

 

 

ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වැනි වගන්තිය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තියට අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් විමසිය හැක.

 

 

මෙවර සංශෝධිත විදුලි මිල  ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ. 

 

 

විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

 

 


ඒකක 0සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9කින් අඩු කිරීමටත් ඒකක 31සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8කින් ද, ඒකක 61 සිට 90දක්වා විදුලි ගාස්තුව සියයට 7.2කින්ද, ඒකක 91සිට 180දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4කින්ද අඩු කිරීමටත් මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කොට ඇති බවද සදහන් වේ.

 

 

එසේම විදුලි ඒකක 180ට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3කින් හා  ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතනවල විදුලි ගාස්තුව සියයට 3.2කින් අඩු කිරීමටද යෝජනා වී ඇත.

 

 

කර්මාන්ත, පොදු කාණ්ඩ, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකිරීම හා වෙතත් හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6කින් පහත හෙළිමටද යෝජනා වී ඇත.

 

 

මේ සදහන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය වේ

views

324 Views

Comments

arrow-up