මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය වසරක පමණ කාලයක් සිට භාවිතයෙන් ඉවතට

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණ කර තිබෙන්නේ මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් රුපියල් කෝටි 20ක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයේ FDG රසායනිකය ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය වසරක පමණ කාලයක සිට භාවිතයෙන් ඉවත් කර තිබෙන බවයි.
පෙට් ස්කෑන් යන්ත්‍රයෙන් ස්වයංක්‍රීය එන්නත්කරණ කටයුතු හැර අනෙකුත් පරීක්ෂණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
මෙම පෙට් ස්කෑන් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ගේ සිරුරේ යම් අවයවයක පිළිකා තත්ත්වයක් ඇතැයි හඳුනාගත් විට එම පිළිකා සෛල ඇති ස්ථානය නිවැරදිවම හඳුනාගෙන ඊට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කෙරේ.
මනුසත් දෙරණ එක්වී පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් රුපියල් කෝටි 20ක් එක් රැස්කර ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලට 2018 වසරේදී රෝහලට හිමි විය.
ඉන් පසුව පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ සිදුකිරීම සඳහා FDG රසායනිකය රෝගීන්ට එන්නත් කිරීම සඳහා ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රයක් මිලදී ගැනීම රෝහල මගින් සිදුකරනු ලැබීය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (05) අනාවරණ කළේ රුපියල් කෝටි හතරක් වැය කර මිලදීගත් මෙම යන්ත්‍රය දැනට වසරක පමණ කාලයක සිට භාවිතයෙන් ඉවත් කර ඇත්තේ යන්ත්‍රය සඳහා භාවිතා කරන FDG රසායනිකය සහ සම්බන්ධක කැතීටර නොමැති නිසා බවයි.
ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ මෙම යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත්කර පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් තවත් සති දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවයි.
343 Views
Comments