එළවළු මිල ඉහළට

පෙර සතියට සාපේක්ෂව එළවළු තොග මිල ඊයේ (29) 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව දඹුල්ල තොග වෙළෙඳුන් පවසයි.
දඹුල්ල තොග වෙළෙඳපළට සැපයූ සියලුම එළවළු වර්ගවල තොග මිල මෙලෙස ඉහළ ගොස් තිබේ.
තවද මේ දිනවල එළවළු තොග ගැණුම්කරුවන්ගේ පැමිණීම අඩුවී තිබෙන අතර, එළවළු තොග සැපයුම ද අවම වී තිබේ.
ඊයේ දඹුල්ල තොග වෙළෙඳපළට එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ අටක් පමණ ලැබුණු බවත් මීගොඩ, වේයන්ගොඩ හා වැලිසර ආර්ථික මධ්‍යස්ථානවලට දඹුල්ලෙන් එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ එක හමාරක පමණ තොග ගැණුම්කරුවන් විසින් මිලදී ගත් බවත් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක මහතා පැවැසීය.
පසුගිය දිනවලදී පැවැති වර්ෂාවෙන් වගාවන්ට හානි සිදු වීම නිසා මෙලෙස එළවළු මිල ඉහළ ගොස් ඇති බව ඒකනායක මහතා පැවැසීය.
ඒ අනුව ඊයේ පැවැති එළවළු කිලෝවක තොග ගැණුම් මිල,
බෝංචි රුපියල් 350 - 375
අමු මිරිස් රුපියල් 350 - 360
මාළු මිරිස් රුපියල් 370 - 400
ලීක්ස් රුපියල් 250 - 300
කැරට් රුපියල් 250 - 260
කැකිරි රුපියල් 70 - 75
වට්ටක්කා රුපියල් 60 - 65
අර්තාපල් රුපියල් 250 - 260
ආනයනික අර්තාපල් රුපියල් 150 - 160
ආනයනික ලොකු ළුෑණු රුපියල් 95 - 105
327 Views
Comments