අතුරුදහන් වූ සරසවි සිසුවා කුරුණෑගලින් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

අතුරුදහන් වූ සරසවි සිසුවා කුරුණෑගලින් හමුවේ

අතුරුදහන් වූ සරසවි සිසුවා කුරුණෑගලින් හමුවේ

අතුරුදහන් වූ සිසුවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන අතර දැනට දින 04කට පමණ පෙරඅක්බාර් ශාලාවේ ඔහු රැඳී සිටි කාමරයට ඉබි යතුරු දමා විශ්ව විද්‍යාලයෙන් බැහැරට ගොස් තිබුණි.

 

 

පසුව එම කාමරයේ ඉබි යතුරු කඩා  කාමරය පරීක්ෂා කිරීමෙන් පසු ඔහුගේ ජංගම දුරකතනය සොයා ගෙන ඇති අතර එමගින් ඔහු සම්බන්ධ කරගැනීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරියට හැකි වූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.

 

 

සිසුවා නීතියානුකූල නොවන ආකාරයට විශ්වවිද්‍යාලයෙන් බැහැරට ගොස් තිබූ බැවින් පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට පියවර ගත් බවද මහාචාර්යවරයා පැවැසීය. සිසුවා සමඟ විශ්ව විද්‍යාල පාලන අධිකාරිය නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වමින් සිටින බවත් මහාචාර්යවරයා පැවැසීය.

 

 

එම සිසුවා දැඩි මානසික ආතතියකින් පෙලෙන සිසුවකු බවත් ඔහුගේ වගකීම විශ්වවිද්‍යාලයට භාරගැනීමට නොහැකි බැවින් සිසුවා ආපසු භාරකරුවන්ට භාරදීමට පියවර ගන්නා බව ද මහාචාර්යවරයා පැවැසීය.

views

233 Views

Comments

arrow-up