රට විරුවන්ට විදුලි වාහන ගේන්න සහනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

රට විරුවන්ට විදුලි වාහන ගේන්න සහනයක්

රට විරුවන්ට විදුලි වාහන ගේන්න සහනයක්

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබා ගැනීම සඳහා විදෙස් ප්‍රේෂණ එවිය යුතු කාල සීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.



අදාළ කාල සීමාව මීට පෙර පැවතියේ, 2022 මැයි 1 වන දා සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා ය.



කෙසේ වෙතත්, එම කාල සීමාව තුළ ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය අනුව ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවකාශය නොසැලසෙන බැවින් එය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.



ඒ අනුව, එම කාල සීමාව 2022 මැයි 1 වන දා සිට 2023 සැප්තැම්බර් 23 වන දා දක්වා දීර්ඝ කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

views

231 Views

Comments

arrow-up