පෙම්වතා විසින් පැහැරගෙන ගිය මිනුවන්ගොඩ බාලවයස්කාර දැරිය ගැන තොරතුරක් නැහැ

15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා නම් දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ පුද්ගලයෙකු විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇතැයි දැරියගේ මව චෝදනා නගන අතර, දැරිය විසින් ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණ වූ ඇගේ පෙම්වතා ඔහුගේ නැන්දනිය සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වනදා ඇගේ නිවසට පැමිණ තර්ජනය කර තිබු බවද වාර්තා වෙයි.
විදෙස්ගතව සිටින දැරියගේ මවට සිද්ධිය පිළිබඳ දැනුම්දීමත් සමග වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඇයව පිටත් කර හැරීමට මව කටයුතු කර තිබේ.
ඉකුත් අප්‍රේල් 12 වනදා වැල්ලවායේ එම ඥාති නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් දැරිය පැහැරගත් බවට සිය ඥාතීන් දැන් වූ බව කෞෂානිගේ මව පවසයි.
සිද්ධිය සිදු වී මාසයක කාලයක් ගතවීමට ආසන්න වුවත් තවමත් මෙම දැරිය ගැන කිසිදු තොරතුරක් ලැබී නැති බවද වාර්තා වේ.
281 Views
Comments