දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්

බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන් වන අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට අවදානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
ජල උල්පත් බොරවීම, අවහිර වීම හෝ නැතිවීම, ගොඩනැඟිලි වල ගෙබිම හා බිත්ති වල ඇති වන පිපිරීම්, පොළොවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් සහ පොළොවේ ගිලා බැසීම් තත්ත්වයන් ගැන නිතර අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඔවුන් ඉල්ලා සිටී.
232 Views
Comments