කේරල ගංජා කිලෝ 85ක් මණ්ඩතිවු වෙරළේදී හමුදා භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

කේරල ගංජා කිලෝ 85ක් මණ්ඩතිවු වෙරළේදී හමුදා භාරයට

කේරල ගංජා කිලෝ 85ක් මණ්ඩතිවු වෙරළේදී හමුදා භාරයට

උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් මණ්ඩතිව් දකුණු වෙරළ ප්‍රදේශයේ ඊයේ (08)සිදු කළ සංචාරයකදී මුහුදු වෙරළ ආසන්නයේ කුඩා කැලෑවක සඟවා තිබූ කේරල ගංජා තොගයක් හමුව ඇති බව වාර්තා වේ.

 

නාවික හමුදාව සඳහන් කළේ පරික්ෂා කිරීම් වලදී මෙම කේරල ගංජා තොගය පාර්සල් 22ක් තුළ අසුරා තිබූ බවයි.

 

මෙලෙස සොයාගත් කේරල ගංජා තොගය කිලෝග්‍රෑම් 85 යි ග්‍රෑම් 450 ක බරකින් සමන්විත වන අතර එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 28 කට ආසන්න වෙන බව සඳහන් වේ.

 

මෙම ගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙන ආ බවට සැක පළ කෙරේ.
 

views

283 Views

Comments

arrow-up