හිරුනිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කැඳවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

හිරුනිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කැඳවේ

හිරුනිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කැඳවේ

2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ පැවැත්වූ බව වාර්තාවේ.

 

එහිදී පැහැරගැනීමට ලක්වූ බව කියන අමිල ප්‍රියංකර අමරසිංහ නැමැත්තා සාක්ෂි ලබාදුන් බව සදහන් වේ.

 

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 5 වනදා දක්වා කල් තැබීමට අධිකරනය නියෝග කරන ලද බව වාර්තා වේ.

 

විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද නඩු විභාගය පැවති අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.

 

views

331 Views

Comments

arrow-up