මාතරට තවමත් සුළු ගංවතුර තත්ත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

මාතරට තවමත් සුළු ගංවතුර තත්ත්වයක්

මාතරට තවමත් සුළු ගංවතුර තත්ත්වයක්

අතුරලිය ප්‍රදේශයේ පවතින ජලගැලීම් තත්ත්වය හේතුවෙන් සැඩ පහරට ලක්ව ඊයේ (15) රාත්‍රී පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ආරියවංශ කන්ඩම්බි මහතා පවසයි.



මාතර අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයක තවදුරටත් සුළු ජලගැලීම් තත්ත්වක් වාර්තා වේ.



"මේ වනවිට පිටබැද්දර, කොටපොළ සහ ඉහළ ප්‍රදේශවලට ලැබුණ අධික වර්ෂාව හේතුවෙන් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ ආදි ප්‍රදේශවලට අද දිනය වනවිට තවමත් ගංවතුර තත්ත්වය තියෙනවා. මේ වනවිට මාලිම්බඩ, රත්දූව හා තිහගොඩ යන ප්‍රදේශවලත් තියෙනවා. ගංවතුරේ වැඩිවීමක් නෑ. ජලය බැසයන්න දවස් දෙක තුනක් යයි. පහළ අතුරලියේ ඊයේ සිදුවීමක් වාර්තා වුණා අතුරුදන් වීමක් වාර්තා වෙනවා. විවාහක අවුරුදු 42 දරුවන් තිදෙනෙක් ඉන්න පුද්ගලයෙක්. මේ වෙද්දි නාවික හමුදා බෝට්ටු යොදාගෙන සොයනවා. ඒ එක්කම තවත් පුද්ගලයෙක් අතුරුදන් වුණා. එයාවත් සෙවීමේ කටයුතු කරනවා. පවුල් 1,695ක සාමාජිකයින් 3,680ක් ආපදාවට ලක්වෙලා තියෙනවා." සහකාර අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ ය.

views

251 Views

Comments

arrow-up