උඩදියලුම වන අලි ප්‍රහාරය සම්බන්ධයෙන් පෙම්වතා රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

උඩදියලුම වන අලි ප්‍රහාරය සම්බන්ධයෙන් පෙම්වතා රිමාන්ඩ්

උඩදියලුම වන අලි ප්‍රහාරය සම්බන්ධයෙන් පෙම්වතා රිමාන්ඩ්

උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

පසුගිය මැයි මස 11 වනදා පස්වරුවේ කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබු අතර පසුව රාත්‍රියේ එම යුවළට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්විය. එහිදී තුවාල ලැබූ තරුණයා ද රෝහල් ගතකර ප්‍රතිකාර ලැබීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් කොස්ලන්ද පොලීසිය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව මෙම මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

views

313 Views

Comments

arrow-up