මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

අද (05) දින පස්වරුවේ මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබේ.

 

 

මගීන් 10 දෙනෙකු අනතුරෙන් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර ඇත.

 

 

බස් රථ දෙක වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ උඩුකාව හතරේ කණුව  ප්‍රදේශයේ දී එකිනෙක ගැටී තිබේ.

 

 

පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

 

 

පෞද්ගලික බස් රථය මාතර සිට වැලිපිටිය දෙසටත්  ලංගම බස් රථය කොළඹ සිට අකුරැස්ස දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත.

 

 

අනතුරට හේතුව අධික වේගය බවට සැකකරයි.

 

 

views

442 Views

Comments

arrow-up