චීන ඉංජිනේරුවෙක් ගොඩනැගිල්ලකින් වැටී මරුට

කොම්පඤ්ඤවීදියේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවාස සංකීර්ණයක ඉහළ මහලකින් බිම ඇදවැටී චීන ජාතික පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් සිටින අතරතුර 8 වන මහලෙන් එම පුද්ගලයා බිම ඇද වැටී ඇති අතර බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 24 හැවිරිදි එම ගොඩනැගිල්ලේ සහකාර ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලීසිය සඳහන් කළේය.
214 Views
Comments