හොරණ ප්‍රදේශයේ ළමුන්‌ට මත්පෙති වික්ක කතක් අත්අඩංගුවට

කාලයක් තිස්සේ හොරණ ප්‍රදේශයේ ඉගෙනුම ලබන සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකාරිය සන්තකයේ තිබී පෙති සියයක් සොයා ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකා හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් හොරණ දෙල්ගහ ගොඩැල්ල ප්‍රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය හොරණ නගරයේ උපකාරක පන්ති අවට ගැවසෙමින් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය රුපියල් 250, 300, 500 වැනි මිල ගණන්වලට අලෙවි කරන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
50 හැවිරිදි සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
266 Views
Comments