න්‍යෂ්ටික අපජලය සාගරයට මුදාහැරීමට ජපානය සැරසේ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

න්‍යෂ්ටික අපජලය සාගරයට මුදාහැරීමට ජපානය සැරසේ.

න්‍යෂ්ටික අපජලය සාගරයට මුදාහැරීමට ජපානය සැරසේ.

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ තැන්පත් ව තිබූ විකිරණශීලී අපජලය පිරිපහදු කිරීමකින් අනතුරුව පැසිෆික් සාගරය වෙත මුදා හැරීමට කටයුතු කරමින් ඇත.



න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වගකීම දරන්නේ Tokyo Electric Power Company Holdings (TEPCO) සමාගමයි.



2011 වසරේ මාර්තු 11 දා හටගත් ජපානය මුහුණ දුන් දරුණුතම භූ කම්පනය සහ සුනාමි උවදුර හේතුවෙන් ෆුකුෂිමා ඩායිචි (Fukushima Daiichi) න්‍යෂ්ටික විදුලි බලාගාරයේ වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හතරෙන් තුනක් ම අනතුරට පත් විය. එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ සිදු වූ විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකෙන්නේ එයයි.



එහිදී කාන්දු වන ජලය යම් පිරිපහදුවකට ලක්කර ටැංකිවල ගබඩා කිරීම සිදු කෙරෙමින් පවතින නමුත් 2024 වන විට ඒවායේ පරිමාව සම්පූර්ණ වීමට නියමිතයි.



එම අපජලය සාගරයට මුදාහැරීමේ සැලසුම සඳහා මුල පටන් ම එරට ධීවර ජනතාවගෙන් විරෝධය එල්ල විය. 2015 දී ජපාන රජය සහ TEPCO සමාගම සපථ කර සිටියේ ධීවර ප්‍රජාවගේ අවසරයකින් තොර ව මුදාහැරීම සිදු නො කරන බවයි.



ජපාන රජයට සහ බලාගාරයේ බලධාරීන්ට අනුව මේ වන විට අපජලය ටැංකි 1,000 ක පමණ ගබඩා කෙරී ඇත. ඔවුන් පවසන්නේ ඒවායෙන් තවත් අනතුරුදායක කාන්දු වීම් ඇති වීමේ සම්භාවිතාවක් ඇති හෙයින් ඉවත් කිරීම කළ යුතු බවයි.

views

337 Views

Comments

arrow-up