රෝහලේදී ඇසිඩ් ප්‍රහාරයක් - තුවාල ලැබූවන් එම රෝහලටම ඇතුළත් කරයි

අද (28) දහවල් 2.30ට පමණ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව වාර්තා වේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සායනයේ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
මාවනැල්ලේ පදිංචි පුද්ගලයෙකු මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකළ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
එම ප්‍රහාරයට එල්ලකර ඇත්තේ තම බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වන ලද පුද්ගලයෙකුට බව පොලීසිය සැක කරයි.
ඇසිඩ් ප්‍රහාරයට ලක්වීමෙන් රෝහල වෙත පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනකු පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව වැඩිදුරටත් සඳහන් වේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර මහතා සඳහන් කළේ ඇසිඩ් ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයාගේ ඇස්වලට හානි සිදුවී ඇති බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලේ අක්ෂි වෛද්‍ය ඒකකය වෙත මාරු කරයැවීමට කටයුතු කළ බවයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලය හා රෝහලේ ආරක්ෂක අංශ විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා අල්ලාගෙන පේරාදෙණිය පොලීසිය වෙත භාරදී තිබේ.
මහනුවර පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
313 Views
Comments