රහසිගත ජීවිතයක් ගතකළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ තොරතුරු අනාවරණය වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

රහසිගත ජීවිතයක් ගතකළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ තොරතුරු අනාවරණය වෙයි

රහසිගත ජීවිතයක් ගතකළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ තොරතුරු අනාවරණය වෙයි

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසන්නේ ඩුබායිහි සැඟවී සිට ඉතා රහසිගත ජීවිතයක් ගතකරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "රසල් ඇලෝසියස් ස්මිත්" නමැත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවයි.

 

 

අදාළ සැකකරු දීර්ඝ කාලයක සිට රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි.

 

රසල් නමැත්තාගේ මුදල් ගනුදෙනු සහ සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට ආධාර අනුබල දුන් බව කියන ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

 

 

පොලීසිය සඳහන් කරන්නේ රසල් නමැත්තා මෙතෙක් කිසිදු ආරක්ෂක අංශයක  අවධානයට ලක් නොවූ පුද්ගලයකු බවයි.

 

 

ඉකුත් 19 වනදා මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් නවත්වා එහි සිටි පුද්ගලයෙකු ශරීර පරීක්ෂාවට ලක් කිරීමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පළායෑමට තැත් කිරීමේ සිද්ධියෙන් පසු එම පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.

 

 

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් හාලිඇල 05 කනුව පදිංචි නලින් සම්පත් පතිරණ නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සිදුකිරීමට සැලසුම් කරතිබූ ද්විත්ව ඝාතනයක් සහ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ කරගැනීමට හැකි වී ඇත.

 

 

පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් නලින් සම්පත් නමැත්තා හාලිඇල අධිකරණයට ගිනිතබා විනාශ කිරීමේ ප්‍රධාන සැකකරු වන බවයි.

 

 

අත්අඩංගුවට ගත් රත්මලාන ව්‍යාපාරිකයා මාර්ගයෙන් ඩුබායිහි සැඟව සිටින රසල් නමැත්තා මුල්ලේරියාව  පොලීසියේ අත්අඩංගුවේ පසුවන සම්පත් නමැත්තා සහ  නාවික හමුදාවෙන් පළා ආ සෙබළෙක් වෙත ගිනිඅවි දෙකක් එවා තිබේ.

 

 

එහිදී මත්ද්‍රව්‍ය නඩුවක ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටින මැගසින් පාරේ ඩිලා හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදී තිබු බව පොලීසිය සඳහන් කරයි.

 

 

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ එම ගිනිඅවි දෙක ඔවුන් සතුකරන අවස්ථාවේදී රත්මලාන ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය වැරදීමකින් සැකකරුවන් වෙතයෑම හේතුවෙන් ඩුබායිහි සැඟව සිටින රසල්ගේ තොරතුරු අනාවරණයවීමට ආසන්නම හේතුව බවයි.

 

 

නමුත් ඉකුත් 15 වනදා 'ඩිලා' නමැත්තා අධිකරණය වෙත නොයෑම හේතුවෙන් එම ඝාතනය වැළකී තිබුණි.

 

 

නාවික හමුදාවෙන් පළා ආ සෙබළා එක් ගිනිඅවියක් රැගෙන එම ද්විත්ව ඝාතනය වැළැකීමෙන් අනතුරුව යතුරුපැදියකින් පිටවී ගොස් තිබුණි.

 

 

මුල්ලේරියාවේ අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන අමිත නමැත්තා සමග සම්පත් නමැත්තා අනෙක් ගිනිඅවිය රැගෙන ත්‍රීරෝද රථයෙන් කොල්ලකෑමක් සඳහා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.

 

 

මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඩුබායිහි සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන රසල් නමැත්තාගේ මුදල් පරිපාලනය, උන්ඩියල් කටයුතු සිදුකිරීම මෙන්ම සංවිධානාත්මක අපරාධ කටයුතු සඳහා ආධාර අනුබල දෙන ප්‍රබලම සාමාජිකයා බව පොලීසිය කියයි.

 

 

ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත  භාරදී ඇත.

 

views

324 Views

Comments

arrow-up