ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉතාමත් ප්‍රමාදයි

ඊයේ (20) දිනයේදී කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම කොරියාව බලා පිටත් කර යැවීමට නොහැකිව ඇත.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසන්නේ කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු රැකියා සදහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර තිබුණි.
ශ්‍රමිකයින් පනස් දෙදෙනෙක් කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සදහා මේ ආකාරයට පිටත්ව යාමට නියමිතව සිට ඇත.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා ඔවුන් කොරියාවට නොඑවන ලෙසට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී ඇත.
පසුගිය මැයි 23 වැනිදාද මේ ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රමාද වූ බව වාර්තා විය.
එදින කොරියාව බලා පිටත් වීමට සිටි ශ්‍රමිකයින් ජුනි 4 වැනිදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත කොරියාව බලා පිටත් යැවීමට කටයුතු කළ නමුත් එදිනද එම ගුවන් යානය පැය දෙකක් පමණ ප්‍රමාද වී තිබුණි.
අමාත්‍යවරයා අවධාරණය කළේ මේ ආකාරයට කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා ප්‍රමාදයට පත්වීම බරපතල තත්වයක් වන බවයි.
මේ නිසා කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව සඳහන් කරයි.
මනුෂ නානායක්කාර අමාත්‍යවරයා තරයේ අවධාරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තීරණ ගැනීම සිදුවන බවයි.
217 Views
Comments