පදවිය ජලාශයේ ජලය බලෙන් ලබාගත් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

පදවිය ජලාශයේ මුරකරුට මත්පැන් පොවා අධිබලැති ජැක් ආධාරයෙක් වාන් දොරටුව විවෘත කර ව්‍යාපාරිකයෙකුගේ පෞද්ගලික කුඹුරුයායකට ජලය ලබාගැනීමගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට ජුලි 12 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නියෝග කර තිබේ.
කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විසින් පදවිය පොලීසියට නියෝග කර ඇත්තේ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා යොමුකරන ලෙසයි.
මෙම නියෝග නිකුත් කෙරුණේ මෙම සිද්ධියට අදාළ නඩුව අද (21) පදවිය සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී වේ.
ලබන ජූලි මස 12 වන දින සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින සියලු සැකකරුවන්ට යළි අධිකරණව හමුවේ පෙනීසිටින ලෙසටද තවදුරටත් නියෝග කෙරුණි.
ව්‍යාපාරිකයෙකු වන ප‍්‍රධාන සැකකාර මයුර ප‍්‍රදීප් මධුසංඛ සහ උපාලි කුමාරතුංග, කමල් ප‍්‍රියශාන්ත යන සැකකරුවන් මෙම සිද්ධියට අදාළව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටියි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පදවිය ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරු අනුර ශාන්ත මහතා පදවිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවය.
251 Views
Comments