කෝටි 10ක වත්කමක් හිමි ලොව පැරණිම රැකියාව කරන කාන්තාව

දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිතර පැමිණෙන බව කියන කොල්ලුපිටියේ දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන කාර්ය සාධක බළකාය තායිලන්ත ජාතික රූමත් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අනෙක් සැකකරුවන් තිදෙනා අතර ඉහළ මිලට ගණිකා වෘත්තිය සපයන ශ්‍රී ලංකාවේ රූමත් 24 හැවිරිදි තරුණියක්, එහි කළමණාකරු සහ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය හිටපු හමුදා නිලධාරියෙක් ද වේ.
අධික මිලට ගණිකා සේවය සපයන රූමත් තරුණිය අත්අඩංගුවට ගන්නා විට ඇයගේ හත් හැවිරිදි දියණියද එම ස්ථානයේ සිට ඇති බවද පොලිසිය පවසනවා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කේ. උදයකුමාරගේ මෙහෙයවීම මත රහසිගත වැටලීමක් ක්‍රියාත්මක කෙරිණි. ඒ මෙම ඒකකයේ පොලිස් සැරයන් ජයලාල්(428) උපායදූතයකු ලෙස මෙම ගණිකා නිවාසය වෙත ප්‍රවිශ්ඨ කරමිනි.
උපාය දූතයා එම ස්ථානයට ඇතුළු වී රුපියල් දස දහසකට කාන්තාවක් මිලදී ගෙන කාමරයකට ඇතුළු වීමත් සමඟම වැටලීම සිදු කළේ වලාන ඒකකයේ නිලධාරීන් විසිනි.
අත්අඩංගුවට ගත් පස් දෙනා අතර තායිලන්ත තරුණියන් දෙදෙනාට විදේශ ගමන් බලපත්‍ර නොමැති බවද පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණිය රුපියල් කෝටි දහයක පමණ දේපළ හිමි සහ ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, පිලියන්දල ඉදිකරමින් පවතින තෙමහල් නිවසක්ද ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම වත්කම් එම රැකියාවෙන් උපයාගත් ඒවා බව සඳහන් කර ඇත. දිනකට පස් හය දෙනෙකුට සේවා සපයමින් රුපියල් එක්ලක්ෂ තිස් දහසක් පමණ උපයන බවද ඇය පොලිසියට කීවාය.
සැකකාර 24 හැවිරිදි තරුණිය ගණිකා නිවාසය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 35ක ණය මුදලක් පවා ගණිකා නිවාසයේ කළමණාකරුට ලබාදී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එහිදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන යුද හමුදා නිලධාරියා අසනීපයෙන් පෙළෙන බව පැවසීම නිසා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයේ කලක සිට මෙම ගණිකා නිවාසය ආරම්භ කර ඇති අතර, ඒ සඳහා කොල්ලුපිටිය පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහයද ලැබී තිබෙනවා.
පොලිසිය රහසිගතව සිදුකළ මෙම වැටලීම සඳහා වලාන දූෂණ මර්දන අංශය අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඇති අතර ඒබව කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා නිවාස සහ සම්බාහන මධ්‍යස්ථාන රැසකට පණිවිඩ ලැබී ඇත.
අත්අඩංගුවට ගත් තායි තරුණියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා තායිලන්ත තානාපති කාර්යාලය හරහා භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා ගන්නා බවද පොලිසිය පවසයි.
429 Views
Comments