ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී ආයතනයේ සුදුසුකම්ලත් තැන්පත්කරුවන් හෝ අදාළ තැන්පත් කරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා අධාරක යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2023.06.09 වන දින සිට 2023.07.12 දක්වා ක්‍රියාත්මක කීරීමට සැලසුම් කර ඇත.
නමුත් ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විස් පීඑල්සී ආයතනය ඈවර කිරීම සම්බන්ධයෙන් නිසි අධිකරණයක් මගින් 2024.07.12 දිනට ප්‍රථමව ඈවරකරුවෙකු පත් කළහොත් එදින සිට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම නවත්වනු ලැබේ.
දැනට සම්පූර්ණ රක්ෂණ වන්දි මුදල් ලබා නොගත් සුදුසුකම්ලත් තැන්පත්කරුවන් හෝ අදාළ තැන්පත්කරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත මහ බැංකුව දැනුම් දෙන්නේ 2023.06.09 වන දින සිට මහජන බැංකුවෙහි ඕනෑම ශාකාවක් වෙත නියමිත ලේඛන ඉදිරිපත් කර උපරිමය රු. 1,100,000 යටත්ව තමන්ට හිමි වන්දි මුදල් ලබා ගන්නා ලෙසයි.
273 Views
Comments