යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීමට ක්‍රියාමාර්ග
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීමට ක්‍රියාමාර්ග

යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීමට ක්‍රියාමාර්ග

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් යුද හමුදා තාක්‍ෂණය සහ තාක්‍ෂණික ප්‍රවීණතාවයන් සමඟින් හමුදා අවශ්‍යතා සැලකිය යුතු ප්‍රමාණයක් දේශීයව යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කරමින් රටට වටිනා විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට යුද හමුදාව විසින් දක්වන ඉහල කාර්යභාරය අගය කළේය.

 

 

 

අමාත්‍යවරයා පැවසුවේ යුද හමුදා යුධෝපකරණ කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමටත්, නව පතොරම් වර්ග නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කර ඇති බවයි.

 

 

 

ඊයේ (මැයි 30) දින යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

 

 

 

ශ්‍රී ලංකා යුධෝපකරණ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ විසින් ඊයේ පෙරවරුවේ වේයන්ගොඩ පිහිටි යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වෙත  පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පිළිගනු ලැබීය.

 

 

 

views

232 Views

Comments

arrow-up