16 හැවිරිදි සිසුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් නැටුම් ගුරුවරයාව අත්අඩංගුවට

කොට්ටාව පින්හේන ප්‍රදේශයේ ආයතනයක් තුළදී 16 හැවිරිදි සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ හිමිකරුවූ 38 හැවිරිදි විවාහක නැටුම් ගුරුවරයාව අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.
සැකකාර නැටුම් ගුරුවරයා පිළියන්දල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ ලිංගික හැඟීම් උද්දීපනය වන අයුරින් කිසියම් අයෙකු තමාගේ කටහඬ ද එකතු කරමින් විනාඩි 29ක කාලයක් පුරා කළ කතාබහ අඩංගු හඬපටයක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් දරුවන් දහස් ගණනකගේ නැටුම් ගුරුවරයෙකුවූ තමන්ගේ කීර්ති නාමයට ඉන් දැඩි කැලලක් මෙන්ම මානසික අසහනයක් සිදුවී ඇති බවයි.
එම පැමිණිල්ලෙන් දන්වා තිබුණේ එම හඬ පටයේ තමන් යටතේ නර්තනය හදාරන සිසුවෙකුගේ හඬ ද ඇති බවයි.
අදාළ සිසුවා ගෙන්වා කළ විමසීමේදී 2022 මාසයේ සිට මේ දක්වා සිය නැටුම් ගුරුවරයා අවස්ථා ගණනාවකදී කලා ආයතනය තුළදී මෙන්ම මෝටර් රථය තුළදී තමන්ට ලිංගික අතවර කළ බව ඔහු ප්‍රකාශ ලබාදී ඇත.
පොලිසිය සඳහන් කළේ සැකකාර නැටුම් ගුරුවරයාගෙන් නර්තනය හදාරන තවත් සිසුන් ඔහුගේ මෙම පහත් ක්‍රියාව සඳහා පොළඹවාගෙන ඇද්ද යන්න පිළිබඳව ද විමර්ශනයක් සිදුකරන බවයි.
අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු වූ සැකකාර නැටුම් ගුරුවරයා කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
264 Views
Comments