කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

 

 

මෙම සාකච්ඡාවට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (Bill and Melinda Gates foundation) සාමාජිකයන් ද අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද එක්ව සිටියහ.

 

 

ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීකරණය, පෝෂණය, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ මූල්‍ය සුරක්ෂිතතාවය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේදී දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ප්‍රවේශය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර මේ සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසයි.

 

 

ජනාධිපතිවරයා වෙත සහතික වූ මූල්‍යමය අධාර හා නවීන තාක්ෂණය සැපයීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති හා රෙගුලාසි වලට යටත්ව මැදිහත්විය හැකි බවට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් ඒ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.

 

 

එමෙන්ම යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු කර ඇත.

 

views

228 Views

Comments

arrow-up