වලස්මුල්ල ප්‍රදේශයේදී වාර්තාවූ වෙඩිතැබීමේ සිද්ධියට හේතුව හෙළිවෙයි

අද (21) වලස්මුල්ල ප්‍රදේශයේදී වාර්තාවූ වෙඩිතැබීමේ සිද්ධියට හේතුව හෙළිවී තිබේ.
පොලීසිය පවසන්නේ මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
වලස්මුල්ල රෝහල වෙත තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේදී වෙඩිතැබීම සිදුව ඇත.
මෙම වෙඩිතැබීම හිටපු පොලිස් නිලධාරියෙකු විසින් සිදුකර ඇති බවට සැක පළ කරයි.
වලස්මුල්ල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම වෙඩිතැබීම වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේ ජලනල පද්ධතිය නිවසක් ආසන්නයෙන් කාණු කපා එළීමට විරෝධය පළ කරමින් සිදුවී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ගම්මානයේ පුද්ගලයන් කිහිප දෙනෙකුට ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් විසින් එලෙස වෙඩිතබා ඇත.
වැඩිදුරටත් වාර්තා වන්නේ වෙඩි වැදීමෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.
253 Views
Comments