ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරයි

අද (21) දින ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම ගුවන් ගමන සදහා එයා බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.
මෙම ගුවන් යානය එයා ෂීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.- 262 වන අතර එය අලුයම 04.00 ට ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මගීන් 110 දෙනෙකු සමග කාර්යය මණ්ඩලය 06 දෙනෙකු මෙම ගුවන් යානයෙන් පැමිණ සිටියහ.
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් සූදානම් කර තිබුණි.
මෙම ෂීෂෙල්ස් ගුවන් යානා සෑම සතියකම බදාදා සහ ඉරිදා යන දින වල අලුයම 04.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළි උදෑසන 07.30 ට ෂීෂෙල්ස් බලා පිටත්ව යාමට නියමිතය.
241 Views
Comments