KDH වර්ගයේ වෑන් රථයක් අනතුරට ලක් වෙයි - නිවසකට දැඩි හානි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

KDH වර්ගයේ වෑන් රථයක් අනතුරට ලක් වෙයි - නිවසකට දැඩි හානි

KDH වර්ගයේ වෑන් රථයක් අනතුරට ලක් වෙයි - නිවසකට දැඩි හානි

අද අලුයම 5.10 ට පමණ නවගත්තේගම - ගල්ගමුව මාර්ගයේ පලුකන්දෑව ප්‍රදේශයේදී කටුනායක ගුවන් තොටුපොළට මගියෙකු ප්‍රවාහනය කර යාපනය බල ගමන් කරමින් තිබු KDH වර්ගයේ වෑන් රථයක් අනතුරට ලක්ව ති⁣බේ.

 

 

ගල්ගමුවරථ වාහන පොලිසිය පැවසුවේ රියදුරුට නින්ද යෑමෙන් ⁣මෙම අනතුරට හේතුව වන බවයි.

 

 

අනතුරට ලක් වූ වෑන් රථය මාර්ගයෙන් දකූණට පැන මාර්ගය අසල තිබු නිවසක වැටක්ද කඩාගෙන ගොස් නිවසේ වහලයේ වැදී තිබේ.

 

 

අනතුරෙන් වෑන්  රථයට බරපතල හානි සිදුව ඇති අතර නිවසේ වහලයට හා වැටට හානි සිදුව ඇත.

 

 

views

269 Views

Comments

arrow-up