එළැඹෙන 21 විදුලිය ලෙඩ වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස්කර විදේශීය සමාගම් 15 කට විකිණීමට එරෙහිව විදුලි වෘත්තී සමිති ලබන 21 වැනිදා ලෙඩ නිවාඩු දමන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසීය.
එදින සියලු සේවකයින් කොළඹට රොද බදින බවද හෙතෙම සදහන් කළේය.
විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පනත වහා හකුළා ගත යුතු බවත් එය එසේ නොකරන්නේ නම් ඊට අදාළව ගන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් එදිනට ගන්නා බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ පැවසීය
"විදුලිබල මණ්ඩලය සමාගම් 15කට වෙන්කිරීම සඳහා මේ වනවිට පනත් කෙටුම්පතක් සුදානම් කරලා තියෙනවා. අපිට තොරතුරක් තියෙනවා ඉදිරි දින කිහිපය තුළ දී මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා කියලා. මේ උත්සාහය ව්‍යර්ථ කරන්න ඕනේ.
273 Views
Comments