කාලිද් අල් අමේරි ලංකාවට එයි

කාලිද් අල් අමේරි යූ ටියුබ් ග්‍රාහකයන් තුළ බෙහෙවින් ජනප්‍රියව සිටින පුද්ගලයෙකි.
ඉහළම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔහු දිවයිනට පැමිණි අතර ඔහුට ෆේස්බුක් ග්‍රාහකයින් මිලියන 8 ක් සිටින බවයි වාර්තා වේ.
කාලිද් අල් අමේරි සංචාරය කරන රටවලදී එම රට සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි.
අසරණ ජනතාවට හා දරුවන්ට කාලිද් අල් අමේරි බෙහෙවින් උපකාර කරන බවයි සදහන් වේ.
ශ්‍රී ලංකාව පිළිබද ලොව පුරා ප්‍රචාරයක් ගෙන යාමට කාලිද් අල් අමේරි මෙරටට පැමිණීම සමඟ අවස්ථාවක් උදා වන බව බවයි වාර්තා වේ.
ඔහු ලබන පස්වනදා දක්වා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කිරීමට නියමිතය.
291 Views
Comments