ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක්

ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක්

බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක් ගෙනඒමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

 

 

ආගම්වලට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

බුද්ධ ශාසන අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමෙන් පසුගිය දා නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබූ බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැවසුවා.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ  බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා "මේ සිදුවීගෙන යන ක්‍රියාවන් සම්බන්ධව, මේවා වැළැක්වීමට පොලීසිය හා සම්බන්ධව අපි වැඩපිළිවෙළක් යොදාගෙන තිබෙනවා.  ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ද බලාපොරොත්තු වෙනවා ." ලෙස පැවසුවේය.

 

 

 

views

240 Views

Comments

arrow-up