ගැඹුරු මුහුදේදී අසාධ්‍ය වූ විදෙස් ජාතිකයෙකු බේරා ගත් නාවික හමුදා මෙහෙයුම

ත්‍රීකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ NERU XINRUI නැමැති ඉන්දීය වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව අද කටයුතු කළේය.
චීනයේ සිට ඉන්දියාව දක්වා යාත්‍රා කරමින් තිබූ NERU XINRUI නැමැති ඉන්දීය වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයෙකු හදිසියේ රෝගී වී ඇති බවට නැගෙනහිර නාවික විධාන මූලස්ථානය වෙත දැනුම් දීමක් සිදුකර තිබුණි.
එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්වයේ සිටි එම විදේශීය ජාතිකයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 115 වෙරළබඩ මුර යාත්‍රාව රෝගී වූ විදේශීය ජාතිකයා සහිත වෙළඳ නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කර ඇත.
ඒ අනුව, රෝගීවූ පුද්ගලයා වෙළඳ නෞකාවෙන් වෙරළබඩ මුර යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, ප්‍රථමාධාර ලබා දෙමින් අද ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලයේ පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
283 Views
Comments