පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීමක් අද

තලවතුගොඩ හෝකන්දර උඩහමුල්ල මහරගම යන ප්‍රදේශවල පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් අද දින විශේෂ වැටලීම් සිදු කරන ලදී.
පාලන මිල යටතේ පවතින භාණ්ඩ පාරිභෝගිකයින්ට නියමිත මිල ගණන්වලට ලබා දෙනවාද යන්න පරික්ෂා කිරීම සඳහා මෙම වැටලීම සිදු කරන ලදී.
එම වැටලීමේදී වැඩි මිලට සහල් අලෙවි කළ අලෙවිකරුවන් සහ බිත්තර වැඩි මිලට අලෙවි කරන ලද වෙළඳසැල් හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ඔවුන් ක්‍රියා කරන ලදී.
බැඳුම්කරයක් මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට ඇප ලබා දුන් අතර එම පුද්ගලයින් වැඩි මිලට සිදුකළ සහල් අලවිය නතරකර එම සහල් පාලන මිලට විකිණීම සඳහා උපදෙස් ලබා දෙන ලදී.
318 Views
Comments