ජලනල ගිනිගැනීමේ සිද්ධියට පාසල් සිසුන් 6ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

ජලනල ගිනිගැනීමේ සිද්ධියට පාසල් සිසුන් 6ක් අත්අඩංගුවට

ජලනල ගිනිගැනීමේ සිද්ධියට පාසල් සිසුන් 6ක් අත්අඩංගුවට

අරණායක පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව කෑගල්ල - අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධියකට අදාළව පාසල් සිසුන් 6ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

පසුගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ජල යෝජනා ක්‍රමය විවෘත කරන ලදී.

 

 

විවෘත කිරීමට දින දෙකකට පෙර මෙම ජලනල තොගය ගිනිගැනීමට ලක්ව තිබුණි.

 

 

එම ගිනිගැනීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට මේ වන විට වාර්තා වී ඇත.

 

 

ජලනල තොගය ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර පාසල් සිසුන් 06 දෙනෙකුගෙන් අරණායක පොලීසිය විසින් ප්‍රශ්න කිරීම් සිදු කර ඇත.

 

 

අරණායක ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන එම පාසල් සිසුන් 06දෙනා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් බව වාර්තා වේ.

 

 

ජලනල තොගය ගිනිගැනීමේ සිද්ධියට එම සිසුන් සම්බන්ධ වී ඇති බව විමර්ශනවලින් අනාවරණය වීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

 

views

320 Views

Comments

arrow-up