යාපනය සරසවියේ සිසුන් 31 කට පන්ති තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

යාපනය සරසවියේ සිසුන් 31 කට පන්ති තහනමක්

යාපනය සරසවියේ සිසුන් 31 කට පන්ති තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ වානිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් දෙවන සහ තෙවන වසරවල සිසුන් 31 දෙනෙකුට අද (04) සිට නැවත දැනුම් දෙන තුරු පන්තිවලට පැමිණීම අත්හිටුවා ඇති බව යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි. 

 

 

පසුගිය 31 වැනිදා පැවති ක්‍රීඩා තරගයක් අතරතුර මෙම ගැටුම හටගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වාණිජ හා කළමනාකරණ පීඨයේ එක් සිසුවෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

 

 

සිද්ධියෙන් පසු කෝපායි පොලිසිය සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය එක්ව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් 16 දෙනෙකුට සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකුට පන්තිවලට පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

 

 

විශ්වවිද්‍යාල පරිපාලනය විසින් අදාළ අංශ දැනුවත් කිරීමත් සමඟ මෙම සිසුන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාර සහ අධ්‍යයන අංශවලට ඇතුළුවීම ද සීමා කර ඇත.

 

 

යාපනය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගැටුම් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සියලුම ක්‍රීඩා තරඟ නතර කර ඇති බවයි.

views

340 Views

Comments

arrow-up