වාහන ආනයනයට ඉඩ දිය යුතුයි - රේගුව කියයි

වාහන ආනයනය නැවත්වීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළගාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව රේගු නිලධාරීන් පවසයි.
ශ්‍රී ලංකා රේගුව මේ වසරේ රුපියල් බිලියන 1,226 ක ආදායමක් අපේක්ෂා කළ නමුත් පසුගිය මාස හතරේ සැබෑ ආදායම රුපියල් බිලියන 221 ක් පමණක් බව පාර්ලිමේන්තු රැස්වීමකදී අනාවරණය විය.
වත්මන් ආනයන මට්ටම් ආදායම් ඉලක්කය සපුරා නොගන්නා බව රේගු නිලධාරියෙක් තහවුරු කළේය. නිරීක්‍ෂණය කරන ලද ප්‍රවණතා මත ඔවුන් යම් ආදායමක් පුරෝකථනය කළ බවත්, පසුගිය මාස පහ තුළ ඔවුන් රුපියල් බිලියන 330 ක් එකතු කර ඇති බවත් නිලධාරියා පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, වාහන ආනයනයකින් තොරව ඉලක්කය සපුරා ගැනීම කළ නොහැකි වනු ඇත. ජනතාව භාණ්ඩ ආනයනය කරන්නේ වෙළෙඳපොළේ අලෙවි කළ හැකි නම් පමණක් බවද එම නිලධාරියා අවධාරණය කළේය.
වාහන ආනයනය අත්හිටුවීමෙන් පමණක් 20% ක ආදායමක් අහිමි වන අතර බදු වෙනස් නොකර නැවත වාහන ආනයනයට ඉඩ දෙන ලෙස එම නිලධාරියා යෝජනා කළේය.
වාහනයේ නිෂ්පාදිත අවුරුද්ද හෝ වර්ගය කුමක් වුවත්, එය ආනයනය කිරීමේදී බදු අය කිරීමට යටත් විය යුතු බව නිලධාරියා යෝජනා කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ රජය මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.
333 Views
Comments