පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත නිදහස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත නිදහස් වෙයි

පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත නිදහස් වෙයි

මාලඹේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී සිදුවු පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවාගේ සීයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරින ලදී.

 

 

 

පසුගිය 8 වනදා පස්හැවිරිදි මෙම දරුවා මියගියේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී වේ.

 

 

මරණයට හේතුව ලෙස අනාවරණය වුණේ තණකොල කපන යන්ත්‍රයක තලය වැදීමෙන් දරුවාගේ මරණය සිදුව ඇති බවටයි.

 

 

මේ සම්බන්ධයෙන් තණකොල කපන යන්ත්‍රය ක්‍රියාත්මක කළ පුද්ගලයා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

දරුවාගේ මියයාම සම්බන්ධයෙන් 63 හැවිරිදි දරුවාගේ සීයා දදරුවාගේ මියයාම සම්බන්ධයෙන් 63 හැවිරිදි දරුවාගේ සීයා ද අත්අඩංගුවට ගන්නා ලදී. 

 

 

ඔහු අද දිනයේ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

 

 

 

ඔහුට එල්ල වූ චෝදනාව වන්නේ දරුවා පිළිබද නිසි අවදානය යොමු නොකිරීම සහ නොසලකා හැරීමයි.

 

 

මෙහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප නියම කරන ලදී.

 

 

ලබන 15 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස ද ඔහුට නියෝග කරන ලදී.

 

 

views

297 Views

Comments

arrow-up